කොළඹට සැපයෙන ජලයෙන් 45% ක් අපතේ

කොළඹට සැපයෙන ජලයෙන් 45% ක් අපතේ

කොළඹට සැපයෙන ජලයෙන් 45% ක් අපතේ

කර්තෘ Hashini De Mel

08 Jun, 2017 | 9:09 am

කාන්දුවීම් හේතුවෙන් කොළඹ මහ නගර සභා බල සීමාවට සැපයෙන ජලයෙන් 45% ක් පමණ අපතේ යන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා තිබේ.

කොළඹ නගරයේ වැඩි වශයෙන් ජල කාන්දුවීම් වාර්තා වන්නේ, කොල්ලුපිටිය, මට්ටක්කුලිය, බොරැල්ල සහ මාලිගාවත්ත යන ප්‍රදේශවලිනි.

දැනට කොළඹ නගර සීමාව තුළ තිබෙන ජල නළ වසර 30 කට වඩා පැරණි ඒවා වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.

ජල සම්පාද සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර් මහතා සඳහන් කළේ, එම තත්ත්වය වලක්වා ගැනිම සඳහා ව්‍යාපෘති 4 ක් ආරම්භ කර ඇති බව ය.