නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා

නාමල් රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා

කර්තෘ Hashini De Mel

06 Jun, 2017 | 4:59 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ අද අධිචෝදනා භාරදී තිබේ.

ඒ, ගවර්ස් කෝපරේටර් සමාගම වෙනත් සමාගමක් සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට චෝදනා කරමිනි.

මහාධිකරණය විසින් නිකුත් කරන ලද නොතිසි නියෝග අනුව විත්තිකරුවන් තිදෙනා අද මහාධිකරණය හමුවේ පෙනී සිටි ඇති අතර ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට අධිකරණය නියම කර තිබේ.

විත්තිකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියමකර ඇති පෙර ඇප මත මුදා හැරීමට මෙහිදී නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා යළි මේ මස 28 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට අවවාද කර සිටියේ ය.

විත්තිකරුවන් තිදෙනාට අමතර තව ත් විත්තිකරුවන් දෙදෙනෙකුට මෙම චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් විදෙස් ගතව සිටින බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැන්වූහ.