පාහියන්ගල නාය යෑම සම්බන්ධයෙන් ජනපති වාර්තාවක් ඉල්ලයි

පාහියන්ගල නාය යෑම සම්බන්ධයෙන් ජනපති වාර්තාවක් ඉල්ලයි

කර්තෘ Hashini De Mel

05 Jun, 2017 | 5:27 pm

පාහියන්ගල කන්ද නාය යෑම සම්බන්ධයෙන් ඇති වූ ගංවතුර තත්ත්වය පිළිබඳව තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පසුගියදා ගංවතුර සහ නාය යෑම හේතුවෙන් විනාශයට පත් වූ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, යටගම්පිටිය, නාගහදොල යන ප්‍රදේශවල ජනාධිපතිතුමා අද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ය.

පාහියන්ගල කන්ද නාය ගොස් නාගහදොල ගංගාව අවහිර විමෙන් ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් නාගහදොල ප්‍රදේශවාසින්ට ගංවතුර තත්ත්වයට මුහුණ දීමට සිදු වී තිබිණි.

එම ස්ථානය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ කඩිනම් වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.