ගම්මැද්ද ස්වේච්ඡා බලමුළුව අද ගාල්ලේ ජන සේවයට එක් වූ වගයි

ගම්මැද්ද ස්වේච්ඡා බලමුළුව අද ගාල්ලේ ජන සේවයට එක් වූ වගයි

කර්තෘ Hashini De Mel

04 Jun, 2017 | 9:03 pm

ආපදාවට පත් වු ප්‍රදේශවල ජන ජීවිතය යළි නගා සිටුවීම සඳහා පිහිටවූ ගම්මැද්ද ස්වේච්ඡා බලමුළුව අද උදෑසන ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතා සේවයට එක් විය.

ගම්මැද්ද ස්වේච්ඡා බලමුළුව අද වැලිවිටිය, දිවිතුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පීඩාවට පත් ජනතාවට සේවය කළේ ය.

දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ස්වේච්ඡා සාමාජීකයින්ගේ සහභාගීත්වයෙන් පිරිසිදු කිරීම් කටයුතු සිදු කෙරිණ.

ගම්මැද්ද ස්වේච්ඡා බලමුළුව සඳහා එස්ලෝන් සමාගම සහ කෙවිල්ටන් සමාගම ද එක්ව සිටියේ ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය, දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුටියාවත්ත, ඉදලිය, නුගේතොට, දිවිතුර නැගෙනහිර, පාතවැලිවිටිය, වාඩුදකුණ, පාතවැලිවිටිය උතුර, නාබරඅත්ත ඇතුළු ගම්මානවලට විපතට පත්වු ජනතාවට සහන සේවා සැපයීමේ කටයුතු අද සිදු විය.

මෙහිදී ප්‍රදේශයේ හානි වූ ලිං පිරිසිදු කිරීම, නිවාස පිරිසිදු කිරීමට අමතරව ප්‍රදේශයේ පොදු ස්ථාන ද පිරිසිදු කර තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසිදු කරන ලද ලිං සඳහා ක්ලෝරින් යෙදීම ද මෙහිදී සිදු කළේ ය.

මේ අතර ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍ය සේවා සහ ඖෂධ ලබාදීමේ අරමුනින් ආරම්භ කෙරුණු සිරස, ශක්ති, TV1 සුව යාත්‍රාද ගම්මැද්ද ස්වේච්ඡා බලමුළුවට සමගාමීව පැවැත් විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]