බුදුන් වහන්සේගේ ධර්මය අනුව යමින් සමාජ සාධාරණත්වය ඉටු කිරීමට කැපවන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

බුදුන් වහන්සේගේ ධර්මය අනුව යමින් සමාජ සාධාරණත්වය ඉටු කිරීමට කැපවන්න – ජනපතිගෙන් ඉල්ලීමක්

By Hashini De Mel

May 10, 2017 | 7:04 am

සමානාත්මතාව ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ ධර්මය අනුව යමින් සමාජ සාධාරණත්වය ඉටු කිරීමට කැපවීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී තිබේ.

වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපතිතුමා සඳහන් කළේ, තෙවරක් සම්බුදු පා පහසින් පූජනීයත්වයට පත් සිරිලකට මෙවර ජානත්‍යන්තර වෙසක් උළෙල සැමරීමේ මූලිකත්වය ගැනීමට අවස්ථාව ලැබීම මහත් භාග්‍යයක් බව ය.

එය සමස්ත ශ්‍රී ලංකාවාසීන් ලද ජයග්‍රහණයක් බව ද ජනාධිපතිතුමා පෙන්වාදී ඇත.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පැවසූවේ, මෛත්‍රිය පදනම වූ බුදු දහම ප්‍රඥාසම්පන්නව ප්‍රායෝගික ජීවිතයට බද්ධකර ගත යුතු බවයි.

සත් සිතින් ලොව දකින මෙත් සිතින් දිවි ගෙවන එක්සත් සමාජයක් ගොඩ නගන්නට කැප විය යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

[youtube url=”www.youtube.com/watch?v=JjsFwQcq5RA” width=”560″ height=”315″]