පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන‍ සහන යාත්‍රාව ප්‍රදේශ රැසකට

පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන‍ සහන යාත්‍රාව ප්‍රදේශ රැසකට

කර්තෘ Hashini De Mel

28 May, 2017 | 10:11 pm

ජන හද මෙහෙයුම – සිරස, ශක්ති, TV1 සහන යත්‍රාවට ජනතාව භාරදුන් භාණ්ඩ වියළි ආහාර සහ පානීය ජල බෝතල් රැගත් රථ අද දිනයේ දිස්ත්‍රික්ක 5ක් වෙත පිටත් විය.

මේ වන විට අප කණ්ඩායම් දිස්ත්‍රික් කිහිපක ජනතාව වෙත රැස්කරගත් ද්‍රව්‍යාධාර බෙදා දෙමින් සිටි.

පැය 48කට අඩු කාලයකදී, විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සිරස, ශක්ති, TV1 සහන යාත්‍රාව වෙත අති විශාල ද්‍රව්‍යාධාර ප්‍රමාණයක් සහ පානීය ජල බෝතල් ලබා දීමට මෙරට ජනතාව පෙළඹින.

ස්ථාන 3කදී එක් රැස් කෙරුණු ද්‍රව්‍යාධාර, එසැනින් ජනතා සහයෙන් ඇසුරුම් කෙරුණු අතර ඒ මොහොතේම ලොරි රථ වෙත පැටවීම ද සිදු කෙරිණි.

අද අලුයම තෙක් ජනතාව ද්‍රව්‍යාධාර අප වෙත භාරදුන් අතර සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ කාර්ය මණ්ඩලය, සහන යාත්‍රාව දියත් කළේ සර්ව ආගමික වතාවත් වලට මුල්තැන දීමෙන් පසුවයි.

සිරස ටී.වී. නාලිකා ප්‍රධානි – චන්දන සූරියබණ්ඩාර

[quote]ජනතාවනි ඔබ අපට දැක්වූවා වූ සහය ඔබ අපට දැක්වූවා වූ අනුග්‍රහය ඔබ අපට දැක්වූවා වූ අත්වැල ඔබ උරෙන් උර ගැනී අපිත් සමග ගත කළ මේ අවස්ථාව අපි කවදාවත් අමතක කරන්නේ නෑ, අපි කවදාවත් අමතක කරන්නේ නෑ. මේ ක්‍රියාන්විතයට දායකවූණු මේ මෙහයුමට දායකවූණු හැම කෙනෙකුටම කූඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා හැමකෙනෙකුටම අපි යළි යළිත් යළි යළිත් ස්තූතියි කියනවා[/quote]

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]