අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට භාණ්ඩ රැගත් ඉන්දීය නෞකාවක් මෙරටට

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට භාණ්ඩ රැගත් ඉන්දීය නෞකාවක් මෙරටට

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට භාණ්ඩ රැගත් ඉන්දීය නෞකාවක් මෙරටට

කර්තෘ Chathuranga Rajapaksha

26 May, 2017 | 8:19 pm

අධික වර්ෂාව සමග දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා භාණ්ඩ රැගත් ඉන්දීය නෞකාවක් මේ වනවිට කොළඹ බලා යාත්‍රා කරමින් ඇතැයි, මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එම නෞකාව හෙට දිනයේ කොළඹ වරායට සේන්දු වීමට නියමිත ය.

මේ නෞකාවට අමතරව තවත් ඉන්දීය නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාවෝ මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේය.