අධික වර්ෂාවත් සමග ඇති වූ නායයාම්වලින් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8ක් මරුට

අධික වර්ෂාවත් සමග ඇති වූ නායයාම්වලින් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8ක් මරුට

අධික වර්ෂාවත් සමග ඇති වූ නායයාම්වලින් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8ක් මරුට

කර්තෘ Sakila Udayakumara

26 May, 2017 | 10:44 am

අධික වර්ෂාවත් සමග ඇති වූ නායයාම්වලින් කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, කොබවකකන්ද ප්‍රදේශයේ නායයාමකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව ය.

බදුරලිය මාවතවත්ත ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය පැවසී ය.

මේ අතර දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහ මුහුදු ප්‍රදේශ හරහා පැයට කිලෝමීටර් 80 දක්වා සුළං ඇති විය හැකි අතර මුහුද ඉතා රළු විය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් ය.

ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.