නිරිත දිග මෝසම සක්‍රීය වෙයි: ඩෙංගු රෝගය තවදුරටත් ඉහළට

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි: ඩෙංගු රෝගය තවදුරටත් ඉහළට

කර්තෘ Hashini De Mel

24 May, 2017 | 8:18 am

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 130 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, අදාල කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගින් සංඛ්‍යාව 49,000කට අධික බව ය.

නිරිත දිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකි බව අප කළ විමසිමකදී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවිර මහත්මිය සඳහන් කළේ ය.

ඇය පැවසුවේ, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ඩෙංගු රෝගය ශිග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]