යෝෂිත රාජපක්ෂට විදෙස්ගත වීමට මහාධිකරණයෙන් අවසර

යෝෂිත රාජපක්ෂට විදෙස්ගත වීමට මහාධිකරණයෙන් අවසර

කර්තෘ Hashini De Mel

23 May, 2017 | 4:54 pm

යෝෂිත රාජපක්ෂ මහතාට ලබන 31 වන දින සිට මාස දෙකක කාලයක් ජපානයට සහ ඔස්ට්‍රේලියාවට යාමට කොළඹ මහාධිකරණයෙන් අද අවසර ලබාදී තිබේ.

ඒ, යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයට ගොනු කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව ය.

උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි මුදල් යොදවා CSN නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාලව යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් මීට පෙර තහනම් කර තිබිණි.

මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව මහතා රාජපක්ෂ මහතාට පැන වූ එම තහනම් තාවකාලිකව ඉවත් කරමින් නියෝග කළේ, ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයාට සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ අධ්‍යක්ෂවරයා දැනුවත් කරන ලෙස ය.

මීට අමතරව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 5 ක පුද්ගලික ඇපකරයක් මත මුදහරින ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා එහිදී කඩුවෙල මහේස්ත්‍රාත්වරයාට නියෝග කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]