ඩේසි ෆොරස්ට් මහත්මියට අයත් බව පැවසෙන ඉඩම සම්බන්ධ නඩුව අද විභාගයට

ඩේසි ෆොරස්ට් මහත්මියට අයත් බව පැවසෙන ඉඩම සම්බන්ධ නඩුව අද විභාගයට

කර්තෘ Hashini De Mel

22 May, 2017 | 5:07 pm

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට අයත් බව පැවසෙන දෙහිවල, මිහිඳුමාවතේ ඇති ඉඩම සම්බන්ධයෙන් වූ නඩුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන තිබේ.

ඩේසි ෆොරස්ට් මහත්මියට අයත් බව පැවසෙන දෙහිවල, මිහිඳුමාවතේ ඉඩම සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන අවසන් වී ඇති බවට අද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් විය.

ඒ, අනුව අධිකරණය නියෝග කර ඇත්තේ, නඩුව නීතිපති උපදෙස් සඳහා යොමු කරන ලෙසට ය.

මේ අනුව නඩුව යළි ත් ඔක්තෝබර් 23 වන දාට කල් ගොස් ඇති බව වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]