ජාත්‍යන්තර වෙසක් සැමරුමේ සමාප්තිය නේපාල ජනපතිනියගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර වෙසක් සැමරුමේ සමාප්තිය නේපාල ජනපතිනියගේ ප්‍රධානත්වයෙන්

ජාත්‍යන්තර වෙසක් සැමරුමේ සමාප්තිය නේපාල ජනපතිනියගේ ප්‍රධානත්වයෙන්

කර්තෘ Sagarika Chathumali

14 May, 2017 | 6:41 am

එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් දින සැමරුමේ සමාප්ති උළෙල අද මහනුවරදී පැවැත් වේ.

ඒ නේපාල ජනාධිපතිනි බින්ද්‍යා දේවී භන්දාරිගේ ප්‍රධානත්වයෙනි.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවෙලගෙදර මහතා සඳහන් කළේ, අද විශේෂ දළඳා පෙරහැරක් ද මහනුවරදී පැවැත්වෙන බවයි.

14 වන එක්සත් ජාතින්ගේ වෙසක් දින උළෙල ඊයේ සහ පෙරේදා යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ ලොව බෞද්ධ රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙනි.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ය.

ලොව රටවල් රැසක බෞද්ධ නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටියහ.