S.M. රංජිත් පළාත් අමාත්‍ය ධුරය අත්හරී

S.M. රංජිත් පළාත් අමාත්‍ය ධුරය අත්හරී

S.M. රංජිත් පළාත් අමාත්‍ය ධුරය අත්හරී

කර්තෘ Sagarika Chathumali

10 May, 2017 | 8:05 pm

එස්.එම්. රංජිත් මහතා උතුරු මැද පළාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.

ඒ, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ.ඒ. නන්දසේන මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමගයි.

එස්.එම්.රංජිත් මහතා පැවසුවේ, චෝදනා විරහිත ඉවත් කිරීම්වලට විරෝධය පළ කරමින් තමා ඉල්ලා අස්වූ බවයි.

කේ.එච්. නන්දසේන අමාත්‍යතුමා මේ වෙනකොට ඉවත් කරලා තියෙනවා. පල්ලෙහාම මනාප සංඛාවක් ගත්ත මන්ත්‍රීවරයෙක් මේ වෙන කොට ඒ අමාත්‍යධුරයේ දිවුරුම් දීලා තියෙනවා. මේ වගේ චෝදනා විරහිතව අයින් කිරීම පිළිබඳව දැඩි වි‍රෝධතාවක් හිටපු මහ ඇමතිවරයා හැටියට මම ප්‍රකාශ කරනවා. ඒ නිසා සමුපකාර ප්‍රවාහන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ කර්මාන්ත වෙළෙඳ හා වාණිජ අමාත්‍ය ධුර‍යෙන් ඉල්ලා අස්වෙන්න මම තීන්දු කළා. මම ආණ්ඩුකාරවරයාට මේ සඳහා ලිඛිතව ඉවත් වීමේ ලිපිය ලබා දෙන්න කටයුතු කරනවා. අපි ස්වාධින පුද්ගයෝ හැටියට මමත් ,ඉවත් කරපු ඇමතිවරයා සහ අනෙකුත් මන්ත්‍රීවරු බහුතරයක් අපි ඉන්න අවශ්‍ය ඒ වැඩසටහන ඉදිරියට ගෙනියනවා.

මේ අතර කේ.ඒ. නන්දසේන මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ එම්. හේරත් මහතායි.

ඔහු අද පෙරවරුවේ උතුරු මැද පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, පරිසර සහ පළාත් සභා කටයුතු අමාත්‍යවරයා ලෙස ආණ්ඩුකාර පුංචි බණ්ඩා දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

දේශපාලන කරුණු කිහිපයක් මත කේ.ඒ. නන්දසේන මහතා තනතුරෙන් ඉවත් කළ බව පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]