සිරස – ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය අද ඇරඹේ

සිරස – ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය අද ඇරඹේ

කර්තෘ Hashini De Mel

10 May, 2017 | 8:58 am

සිරස – ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය අද පස්වරුවේ සැඳැහැවතුන් වෙනුවෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ කොළඹ 02 බ්‍රෙබෘෘක් පෙදෙස සිරස මාධ්‍ය ජාල මූලස්ථාන පරිශ්‍රයේදී ය.

මෙම වෙසක් කලාපය 10, 11, 12 යන දිනයන්හි ද පැවැත්වීමට නියමිතවේ.

සිරසා නමාමි වෙසක් කලාපයට පැමිණෙන සැඳැහැවතුන්ට තිස්සමහාරාම සඳගිරි සෑයෙන් සොයා ගත් සර්වඥ ධාතූන් වහන්සේ, මාලිගාකන්ද මහාබෝධි විහාරයේ වැඩ වෙසෙන සරියුත් මුගලන් අග්‍රාශාවක ධාතුන් වහන්සේ, මිහින්තලේ රජ මහා විහාරයේ වැඩ වෙසෙන මිහිඳු මහ රහත් ධාතූන් වහන්සේ ඇතුළු ධාතූන් වහන්සේ මෙන්ම නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩවසන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ මහ රහත් ධාතූන්වහන්සේලා වන්දනාමාන කිරීමේ දුලබ අවස්ථාව හිමිවනු ඇත.

ඊට අමතරව තොරන්, වෙසක් පහන්කූඩු, සැඳැහැ ගී සංදර්ශනවලින් වෙසක් කලාපය සමන්විතවේ.

පැමිණෙන සැඳැහැවතුන් වෙනුවෙන් දන්සැල් කිහිපයක් ද ක්‍රියාත්මක කිරීමට මේ වන විට කටයුතු සංවිධාන කර අවසන් වන අතර අද පස්වරු 4.00ට සිරසා නමාමි වෙසක් කලාපය සැඳැහැවතුන් වෙනුවෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]