අපරාධ මැඩලීමට ජනතා සහය අත්‍යවශ්‍යයි – පොලිස්පති

අපරාධ මැඩලීමට ජනතා සහය අත්‍යවශ්‍යයි – පොලිස්පති

අපරාධ මැඩලීමට ජනතා සහය අත්‍යවශ්‍යයි – පොලිස්පති

කර්තෘ Hashini De Mel

10 May, 2017 | 2:14 pm

අපරාධ මැඩලීම සඳහා ජනතා සහය අත්‍යවශ්‍ය බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසා තිබේ.

නිව්ස්ෆස්ට් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් පොලිස්පතිවරයා සඳහන් කළේ, තම අවට පරිසරයේ සිදු කෙරෙන අපරාධ සම්බන්ධයෙන් ළඟම ඇති පොලීසිය දැනුවත් කරන ලෙස ය.

මේ අතර ඊයේ පිළියන්දලදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.

ඊයේ රාත්‍රියේ සන්නද්ධ කණ්ඩායමක් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගිය අතර තව ත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙක් තුවාල ලැබූහ.

ඒ අතර ළමයින් 3දෙනෙකු ද වන අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ළමයෙකු ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]