බෞද්ධ ආගමික ප්‍රතිපත්තීන්ට අගෞරව ඇති වන අයුරින් සංදර්ශන සංවිධානය කළහොත් වැඩ වරදී

බෞද්ධ ආගමික ප්‍රතිපත්තීන්ට අගෞරව ඇති වන අයුරින් සංදර්ශන සංවිධානය කළහොත් වැඩ වරදී

බෞද්ධ ආගමික ප්‍රතිපත්තීන්ට අගෞරව ඇති වන අයුරින් සංදර්ශන සංවිධානය කළහොත් වැඩ වරදී

කර්තෘ Hashini De Mel

09 May, 2017 | 6:41 pm

බෞද්ධ ආගමික ප්‍රතිපත්තීන්ට හානිකර අගෞරව ඇති කරන අන්දමින් සංදර්ශන සංවිධානය කරන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, බෞද්ධ ආගමික ප්‍රතිපත්තිවලට එරෙහිව උතුම් බෞද්ධ ධර්මය නිගාවට ලක්වන ආකාරයෙන් විකාර රූපි සංදර්ශන සංවිධානයෙන් වැලකි සිටින ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.

ඔලුබක්කන් නැටවීම වැනි ක්‍රියාවන් ඇතැම් ස්ථානවල පැවැත්වෙන බව දැන ගන්නට ලැබී ඇති බව ද පොලීසිය පැවසුවේය.

පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ, වෙසක් උත්සවය යනු, බෞද්ධ ආගමික බැතිමතුන්ගේ ද අන්‍යාගමිකයන්ගේ ද ගෞරවාදරයට පාත්‍ර වූ සුවිශේෂ ආගමික උත්සවයක් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]