ධම්සෝ ජාත්‍යන්තර චෙස් උළෙලේදී ලාංකික ක්‍රීඩකයින්ගෙන් දස්කම්

ධම්සෝ ජාත්‍යන්තර චෙස් උළෙලේදී ලාංකික ක්‍රීඩකයින්ගෙන් දස්කම්

ධම්සෝ ජාත්‍යන්තර චෙස් උළෙලේදී ලාංකික ක්‍රීඩකයින්ගෙන් දස්කම්

කර්තෘ Sagarika Chathumali

08 May, 2017 | 4:09 pm

අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයීය චෙස් සංගමය විසින් 7 වන වරට සංවිධානය කරන ලද ධම්සෝ ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා උළෙල පසුගිය දා එම විද්‍යාලයේදී පැවැත්විණි.

 

මේ සඳහා විදෙස් ක්‍රීඩකයින් ඇතුළු චෙස් ක්‍රීඩකයින් 416 දෙනෙක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයට අමතරව, ඉන්දීය, බංග්ලාදේශ සහ මාලදිවයින් චෙස් සම්මේලන නියෝජනය කරමින් ක්‍රීඩකයින් මීට සහභාගි වූ අතර එහිදී ප්‍රථම ස්ථානය දිනා ගනු ලැබුවේ, ඉන්දීය චෙස් ක්‍රීඩක තේජ් කුමාර් විසිනි.

ඔහු සියලු තරගවලින් ජය ගත් අතර, මෙම තරගාවලියේ දෙවන ස්ථානය අභිෂේක් දාස් හිමි කර ගත්තේ ය.

මෙහි විශේෂත්වය වූයේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ ඒ.ඒ.සී.බී. අමරසිංහ තෙවන ස්ථානය දිනා ගැනීම යි.

මෙහිදී, සයුනි ගිහන්සා බාලිකා අංශයේ ප්‍රථම ස්ථාන හිමි කර ගැනීමට සමත් වූ අතර ටියුමි යසෝරා දෙවන ස්ථානය ත්, ශලිනි ද සිල්වා තෙවන ස්ථානය ත් දිනා ගත්හ.

unnagmed unndccccamed unnfvvvamed

unnamed

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]