දුටුවැව රක්ෂිතයේ නිදන් හාරමින් සිටි 5 දෙනෙකු අත්අඩංගුවට

දුටුවැව රක්ෂිතයේ නිදන් හාරමින් සිටි 5 දෙනෙකු අත්අඩංගුවට

දුටුවැව රක්ෂිතයේ නිදන් හාරමින් සිටි 5 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

07 May, 2017 | 5:32 pm

ගලෙන්බිඳුණුවැව, දුටුවැව රක්ෂිතයේ නිදන් හාරමින් සිටි 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ඊයේ රාත්‍රී කාලයේ සිට නිදන් හාරා ඇති බව ය.

ලද තොරතුරක් අනුව අද උදෑසන සැකකරුවන් සහ ඔවුන් පැමිණි යතුරුපැදි 5ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

ඔවුන් කරවනැල්ල, තිස්සමහාරාම, ගලෙන්බිඳුණුවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

පූජා භාණ්ඩ සහ මන්තර පොත් ද සැකකරුවන් සතුව තිබි සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]