හැමදේම එක පාර වෙනස් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ – ඇලන් ඩොනල්ඩ්

හැමදේම එක පාර වෙනස් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ – ඇලන් ඩොනල්ඩ්

හැමදේම එක පාර වෙනස් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ – ඇලන් ඩොනල්ඩ්

කර්තෘ Chathuranga Rajapaksha

02 May, 2017 | 10:05 pm

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන්නන්ගේ නව උපදේශක ඇලන් ඩොනල්ඩ් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද පැවැති මධ්‍ය හමුවකදී ය.

එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

වේග පන්දු යවන්නන්ගේ උපදේශක ඇලන් ඩොනල්ඩ්

[quote]මෙවැනි තනතුරක් ලබා දීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. එංගලන්තයට යන ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම හොඳ කණ්ඩායමක්. ඒ වගේ කණ්ඩායමක් එක්ක වැඩ කිරීමට ලැබීම සතුටක්. මම උනන්දුවෙන් බලා ඉන්නවා මට මේ ලැබිලා තියෙන අභියෝගය පිළිබඳව. මම වැඩ භාර ගත්ත කියලා හැම දේම එක පාර වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් වෙන්න ඕනේ. ඊළඟ සති කිහිපය තුළ මම සෑම ක්‍රීඩකයෙකුව නිරීක්ෂණය කරනවා[/quote]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල

[quote]මාලිංග මැච් ෆිට්නස් නෑ ෆසිකල් ෆට්නස් සියට සීයයක් හොඳයි ඒ කියනනේ ටෙන් ඔවර් මැඩ් ෆිට්නස් එක අපි ඉල්ලල තියෙන්නේ එයාව අපි ක්‍රම ක්‍රමයෙන් ඔවර් හය අට දහය දාන්න වැඩ සටහනක් ලෑස්ති කරලා තියනවා අයි.පී.එල් තරගාවලියේදී කණ්ඩායමට ක්‍රීඩා කිරීම අපිට වාසියක් කියලයි තාක්ෂණ පැත්තෙන් දකින්නේ මොකද එයා තරගයක ඉන්නේ උණුසුම් තරග වල ඉන්නේ මාලිංගට ලොකු උවමනාවක් තියෙනවා එයාට ගහන්න පුළුවන් එක මැච් එකද ඒක ගහලා දිනලා දෙනවා කියන පැහැදිලි අධිෂ්ඨානයෙන් ඔහු ලංකාවේ කණ්ඩයමට එකතු වෙන්නේ[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]