Bestweb 2018
Bestweb 2018

ප්‍රධාන මැයි දින පෙළපාලි ඇරඹේ

ප්‍රධාන මැයි දින පෙළපාලි ඇරඹේ

By Hashini De Mel

01 May, 2017 | 4:08 pm

ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන කරන මැයි දින පෙළපාලි මේ වන විට ආරම්භ වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය පැවැත්වෙන්නේ, මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේදී ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය කොළඹ කැම්බල්පිටියේදී ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළ පාලිය ද මේ වන විට ආරම්භ වී තිබේ.