Bestweb 2018
Bestweb 2018

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති දිවයිනට

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති දිවයිනට

By Sakila Udayakumara

11 May, 2017 | 5:53 pm

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණියේ ය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ දූත පිරිස පිළිගනු ලැබුවේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ගංගාරාම විහාරස්ථානය වෙත ද පැමිණෙන බව ය.

අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ.