Bestweb 2018
Bestweb 2018

එක ම තීරයක් එක ම මාවතක් ප්‍රයත්නයේදී තරුණයින්ට හා කාන්තාවන්ට නිසි තැනක් දෙන්න – අගමැති

එක ම තීරයක් එක ම මාවතක් ප්‍රයත්නයේදී තරුණයින්ට හා කාන්තාවන්ට නිසි තැනක් දෙන්න – අගමැති

By Sagarika Chathumali

16 May, 2017 | 7:16 am

එක ම තීරයක් එක ම මාවතක් ප්‍රයත්නයේදී ප්‍රධාන කරුණු 3ක් සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, එක ම තීරයක් එක ම මාවතක් රාජ්‍ය නායක වටමේස සාකච්ඡාව අතරතුර පැවති දිවා භෝජන සංග්‍රහයේදී ය.

රටවල් 29 ක රාජ්‍ය නායකයින් හා තවත් රටවල් රැසක නියෝජීතයින්ගේ සහභාගීත්වයෙන් පැවති එක ම තීරයක් එක ම මාවතක් ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව ඊයේ අවසන් විය.

එහි රාජ්‍ය නායක වට මේස සාකච්ඡාව අතර තුර පැවති දිවාභෝජන සංග්‍රහයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, මෙම ප්‍රයත්නයේදී ප්‍රධාන කරුණු 3ක් සම්බන්ධව අවධානය යොමුකිරීම වැදගත් බවයි.

අතීත මුහුදු සේද මාර්ගයට සම්බන්ධ රටවල ආරක්ෂිතව ඇති පුරාවස්තු පිළිබඳව ඩිජිටල් එකතුවක් සම්පාදන කිරීම බෞද්ධ සංස්කෘතික සබඳතා තහවුරු කිරීම හා පුරවැසියන් බලගැන්වීමේ දී කාන්තාවන් හා තරුණ කොටස් වෙත අවධානය යොමුකිරීම එම කරුණු ය.

මෙහිදී අදහස් දැක් වූ චීන ජනාධිපති ෂී ජී පිං මහාතා පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් හා එක ම තීරයක් එක ම මාවතක් ප්‍රයත්නය සමාන්තර මගක ගමන් ගන්නා බවයි.

එම ප්‍රයත්නයේදී වරාය හා නාවික ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය භාරය අතිශය වැදගත් බව ද චීන ජනාධිපතිවරයා පවසා ඇත.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා වරාය ප්‍රමුඛ වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා චීනයේ සහය ලබාදෙන බවයි.