Bestweb 2018
Bestweb 2018

අගමැති රනිල් චීනය බලා පිටත්ව යයි

අගමැති රනිල් චීනය බලා පිටත්ව යයි

By Chathuranga Rajapaksha

13 May, 2017 | 9:16 am

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම චීනය බලා පිටත්ව ගියේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ‘එකම තීරයක් – එකම මාවතක්’ සමුළුවට සහභාගී වීම සඳහා ආග්‍රමාත්‍යවරයා එලෙස චීනයේ සංචාරයක නිරත වන බව ය.

එම සමුළුවේ ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවට රටවල් 30 ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහභාගී වේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සංකල්පයක් අනුව ඇරඹුණු ‘තීරයක් සහ මාවතක්’ ප්‍රයත්නය ඔස්සේ සාමූහික වශයෙන් රටවල් වෙත ලබා ගත හැකි ප්‍රතිලාභ සම්බන්ධව එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සංචාරයකට එක්ව සිටිති.