මීගහවත්තේ පහරදීමකින් දෙදරු පියෙක් මරුට

මීගහවත්තේ පහරදීමකින් දෙදරු පියෙක් මරුට

කර්තෘ Hashini De Mel

30 Apr, 2017 | 3:25 pm

ගම්පහ, මීගහවත්ත ප්‍රදේශයේදී පහරදීමකින් පුද්ගලයකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රීයේ සංගීත සංදර්ශනයක් අසළදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව ය.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස 41 හැවිරිදි දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මකවේ.