මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්රථ ගාස්තුවෙන් නිදහස්

මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්රථ ගාස්තුවෙන් නිදහස්

මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස්රථ ගාස්තුවෙන් නිදහස්

කර්තෘ Sagarika Chathumali

30 Apr, 2017 | 2:38 pm

මැයි දිනය වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතා ප්‍රකාශ කළේ, හඳුනා ගත් ස්ථානවලට විශේෂ කාර්ය බලකා සමාජිකයින් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා මැයි දිනය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා ගාස්තු අය නොකරන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

‍මේ අතර මැයි දිනය වෙනුවෙන් රථවාහන රාජකාරි සඳහා රථවාහන අංශයේ නිලධාරීන් 2800 කට අධික සංඛ්‍යාවක් යොදවන බව පොලීසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, මහනුවර සහ කොළඹ නගර වලට එම නිලධාරීන් යොදවන බවයි.

මැයි රැළි හේතුවෙන් මහනුවර සහ කොළඹ නගර කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]