මැයි දිනය එළැඹෙන්නට ත් කලින් ලංගමයට මිලියන 40ක අදායමක්

මැයි දිනය එළැඹෙන්නට ත් කලින් ලංගමයට මිලියන 40ක අදායමක්

මැයි දිනය එළැඹෙන්නට ත් කලින් ලංගමයට මිලියන 40ක අදායමක්

කර්තෘ Sagarika Chathumali

30 Apr, 2017 | 7:45 am

මැයි දිනය සඳහා බස් රථ ලබා දීමෙන් මේ වනවිට ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 40කට ආසන්න අදායමක් ලැබී ඇති බව එහි ධාවන අධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි මහතා පවසයි.

අධිකාරිවරයා සඳහන් කළේ, බස් රථ 4000 කට අධික සංඛ්‍යාවක් සඳහා එම මුදල් ලැබී ඇති බවයි.

දේශපාලන පක්ෂ 10 කට ආසන්න සංඛ්‍යාවක් බස් රථ වෙන් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඉල්ලීම් අනුව තවදුරටත් බස් රථ ලබාදීමට නියමිත බව ද ධාවන අධිකාරිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර මැයි දිනය වෙනුවෙන් විශේෂ දුම්රිය දෙකක් දේශපාලන පක්ෂ වෙන් කර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි වාණිජ අධිකාරි එන්. ජේ. ඉදිපොලගේ මහතා ප්‍රකාශ කළේ, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 7කට ආසන්න ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවයි.

එම විශේෂ දුම්රිය මරදාන කුරුණෑගල අතර සහ මරදාන මහනුවර අතර, ධාවනය වීමට නියමිතයි.