ඉන්දීය සංචාරය නිම කළ අග්‍රාමාත්‍යවරයා දිවයිනට

ඉන්දීය සංචාරය නිම කළ අග්‍රාමාත්‍යවරයා දිවයිනට

ඉන්දීය සංචාරය නිම කළ අග්‍රාමාත්‍යවරයා දිවයිනට

කර්තෘ Sagarika Chathumali

30 Apr, 2017 | 1:45 pm

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.

සිය සංචාරය තුළදී අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.

එහිදී ගිවිසුම් දෙකකට ද අත්සන් තැබිණ.

ඊට අමරව එරට ඉහළ පෙළේ නිලධාරීහු කිහිපදෙනෙක් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වූහ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සහභාගීවීම සඳහා ලබන මාසයේ මෙරටට පැමිණීමට නියමිතයි.