මාධ්‍ය අංශයේ විශිෂ්ට පුරවැසි සම්මානය කිංස්ලි රත්නායකට (VIDEO)

මාධ්‍ය අංශයේ විශිෂ්ට පුරවැසි සම්මානය කිංස්ලි රත්නායකට (VIDEO)

කර්තෘ Sakila Udayakumara

29 Apr, 2017 | 8:30 pm

සවිමත් ගමනක සිංහ ප්‍රතිරාව තේමාව යටතේ සංවිධාන කළ සිංහ සමාජයේ 12 වන වාර්ෂික සමුළුව අද පස්වරුවේ පැවැත්විණි.

ඒ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

ජාත්‍යන්තර සිංහ සමාජයේ, 306 ඒ දිස්ත්‍රික්කයේ 12 වන වාර්ෂික සමුළුව අද පස්වරුවේ ආරම්භ කෙරුණේ, ජාත්‍යන්තර සිංහ සමාජයේ හිටපු සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ජනමාධ්‍ය, සෞඛ්‍ය, නව සොයා ගැනීම්, ක්‍රීඩා, කලාව හා ව්‍යවසාය සංවර්ධනය යන අංශ යටතේ සම්මාන පිරිනැමිණි .

මාධ්‍ය අංශයේ විශිෂ්ට පුරවැසි සම්මානය හිමිවූයේ එම්.බී.සී. අධ්‍යක්ෂ කිංස්ලි රත්නායක මහතාට ය.

කලා අංශයෙන් රවීන්ද්‍ර රන්දෙණිය මහතා සම්මානයට පාත්‍ර විය.

ව්‍යාපාර කළමනාකරණය හා ව්‍යසායකත්ව අංශයේ සම්මානය හිමිවුණේ , ක්‍රීෂු ගෝමස් මහතාට ය.

වෛද්‍ය රංගික හල්වතුර හා සම්පත් කාරියවසම් යන මහත්වරු නව සොයා ගැනීම් යටතේ සම්මාන හිමිකර ගත්හ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කපිල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අංශයේ සම්මානය හිමිකර ගත් අතර මෙවර ක්‍රීඩා අංශයෙන් සම්මානයෙන් පිදුම් ලැබුවේ රංගන හේරත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]