කඩුවෙලදී සිදුවූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

කඩුවෙලදී සිදුවූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

කඩුවෙලදී සිදුවූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

කර්තෘ Chathuranga Rajapaksha

29 Apr, 2017 | 8:50 am

කඩුවෙල, කොතලාවල, පාසල් මාවත අසලදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඒ සඳහා උපයෝගී කරගත් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 8 ක්ද සිය භාරයට ගත් බව ය.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දැඩිගමුව සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි 37 හා 29 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි.

ඔවුන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

පසුගිය 13 වැනිදා එම ද්විත්ව ඝාතනය සිදුව තිබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]