මීරිගම පොලීසිය වැටලූ බාඳුරාගොඩ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය (VIDEO)

මීරිගම පොලීසිය වැටලූ බාඳුරාගොඩ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය (VIDEO)

කර්තෘ Sakila Udayakumara

28 Apr, 2017 | 10:38 am

මීරිගම පොලීසිය බාඳුරාගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීරි‍ගම පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

කුකුළු ගොවිපොළක් පවත්වාගෙන යන මුවාවෙන් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

ඔහු සන්තකයේ තිබී ගෝඩා බැරල් 8ක් සහ මත්ද්‍රව්‍ය පෙරීම සඳහා ගන්නා උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.