කැපිටල් මහරාජා සංවිධානයේ 2016 වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස යසරත් කමල්සිරි තේරී පත්වෙයි

කැපිටල් මහරාජා සංවිධානයේ 2016 වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස යසරත් කමල්සිරි තේරී පත්වෙයි

කර්තෘ Hashini De Mel

28 Apr, 2017 | 6:40 pm

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ 2016 වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂක සාමාන්‍යාධිකාරි, යසරත් කමල්සිරි මහතා මීට සුළු වේලාවකට පෙර තේරි පත් විය.

මේ සඳහා ශීරාන් මනුකුලසුරිය, ආචාර්ය කර්ටිවාන් කෝටියාන්, එෆ්. එම් මුසම්මිල්, රම්සි කාසිම් සහ යසරත් කමල්සිරි යන මහත්වරුන් නිර්දේශ වී තිබුණි.

40 වැනි වරට පැවැත්වෙන මෙම වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී මේ වන විට පැවැත්වේ.

එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් ව සිටින්නේ, නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ය.

ඊට අමතරව ආගමික නායකයින්, මැති ඇමතිවරුන්, ප්‍රභූවරුන් සහ විශේෂ ආරාධිතයින් රැසක් වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලට එක්ව සිටිති.

එම පස්දෙනා අතරින් 2016 වසරේ හොඳ ම විධායක නිලධාරියා ලෙස නම් කෙරුණේ, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂක සාමාන්‍යාධිකාරි, යසරත් කමල්සිරි මහතා ය.