බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

කර්තෘ Sakila Udayakumara

25 Apr, 2017 | 7:03 am

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.

එහි ලේකම් සුමතිපාල උඩුගමසූරිය මහතා සඳහන් කළේ, ජූලි 27 වන දා දක්වා එම කාලය දීර්ඝ කර ඇති බව ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම දීර්ඝ කිරීම සිදු කර ඇති බව ලේකම්වරයා පැවසී ය.

ඔහු සඳහන් කළේ, ඊට ආදාළ ලිපිය කොමිසම වෙත ලැබී ඇති බව ය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට 14 දෙනෙකුගෙන් පමණ සාක්ෂි ලබා ගෙන තිබේ.

මේ අතර මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කල්‍යාණි ගුණතිලක මහත්මිය අද කොමිසම හමුවට කැඳවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]