මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන්වූ පවුල් 60කට නිවාස ලබා දීම අද

මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන්වූ පවුල් 60කට නිවාස ලබා දීම අද

මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන්වූ පවුල් 60කට නිවාස ලබා දීම අද

කර්තෘ Sakila Udayakumara

21 Apr, 2017 | 7:24 am

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ පවුල් 60ක් වෙනුවෙන් නව නිවාස ලබා දීම අද සිදු කෙරේ.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරෙන බව ය.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, අද සිට ම ජනතාවට එම නිවාසවල පදිංචි වීමේ අවස්ථාව ලබා දී ඇති බව ය.

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 32කි.

අතුරුදන්වූවන් සොයා ත්‍රිවිධ හමුදාව තවදුරටත් මෙහෙයුම්වල නිරත වේ.

මේ අතර කුණු කන්ද ආශ්‍රිත අවදානම් කලාපයේ පුද්ගලයින් ඉවත් කිරීම ඊයේ ආරම්භ කෙරිණි.

කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර මහතා සඳහන් කළේ, ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා රුපියල් 10,000ක දීමනාවක් ද ලබා දුන් බව ය.

මේ අතර මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු සහන සැලසීමේ ක්‍රියාදාමයේ ප්‍රගතිය පිළිබඳ තව ත් සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වේ.

ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ, ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව ය.

එහිදී කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් ජනතාව සම්බන්ධයෙන් සහ ඔවුන්ට ලබා දී ඇති පහසුකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.