කොළඹ කසළ කළමනාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අගමැති පත් කළ අන්තර් අමාත්‍යංශ කමිටුව රැස්වේ

කොළඹ කසළ කළමනාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අගමැති පත් කළ අන්තර් අමාත්‍යංශ කමිටුව රැස්වේ

කොළඹ කසළ කළමනාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අගමැති පත් කළ අන්තර් අමාත්‍යංශ කමිටුව රැස්වේ

කර්තෘ Sakila Udayakumara

21 Apr, 2017 | 8:41 am

කොළඹ කැළි කසළ කළමනාකරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ අන්තර් අමාත්‍යංශ කමිටුව අද රැස්වේ.

ඒ, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේදී ය.

මෙම සාකච්ඡාවේදී කසළ කළමනාකරණය කිරීම සඳහා ඉඩම් හඳුනා ගැනීම, බලපත්‍ර ලබා ගැනීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ ය.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවලින් විශේෂඥ උපදෙස් ලබා ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

කසළ කළමනාකරණය පිළිබඳව නව යෝජනා ලබා ගැනීම සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂඥ කණ්ඩායම සමග සහ ලෝක බැංකුවේ නියෝජිතයින් පිරිසක් ද කමිටු නියෝජිතයින් අද හමුවන බව ලේකම්වරයා පැවසී ය.