මැයි 1වන දා සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වලට කසල බැහර කිරීම තහනම්

මැයි 1වන දා සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වලට කසල බැහර කිරීම තහනම්

මැයි 1වන දා සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වලට කසල බැහර කිරීම තහනම්

කර්තෘ Hashini De Mel

17 Apr, 2017 | 3:03 pm

මැයි මස 1වන දා සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිදු ඉඩමකට කුණු බැහැර කිරීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර තිබේ.

අධිකාරිය සඳහන් කළේ, යම් නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍ය වන්නේ නම් එම ආයතන සතු ප්‍රතිපාදන වලින් අදාළ වියදම් පියවාගත යුතු බව ය.

මීතොටමුල්ලේ කුණු කන්දට කසල බැහැර කිරීම අත්හිටුවන ලෙසත් විකල්ප ස්ථාන හඳුනාගන්නා ලෙසත් කොළඹ මහ නගර සභාවට උපදෙස් දී ඇති බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]