මීතොටමුල්ල සිදුවීම සම්බන්ධයෙන් ජපන් අග්‍රාමාත්‍යවරයා කනගාටුව පළ කරයි

මීතොටමුල්ල සිදුවීම සම්බන්ධයෙන් ජපන් අග්‍රාමාත්‍යවරයා කනගාටුව පළ කරයි

මීතොටමුල්ල සිදුවීම සම්බන්ධයෙන් ජපන් අග්‍රාමාත්‍යවරයා කනගාටුව පළ කරයි

කර්තෘ Sagarika Chathumali

16 Apr, 2017 | 9:29 am

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් සිදු වූ ආපදාව සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ සිය කනගාටුව පළ කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා එලෙස සිය කනගාටුව පළ කර ඇති බවයි.

ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය ජනතාවට  ජපන් රජය මෙන්ම ජනතාව වෙනුවෙන් තමා  සංවේගය පළ  කර සිටින බවයි.

මේ අතර විපතට පත්වූ ජනතාවට යළි සාමාන්‍ය ජීවන තත්ත්වය උදා කර ගැනීම සඳහා ජපානයේ පූර්ණ සහය ලබා දෙන බව ද ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

සිද්ධිය පිළිබඳ විමසා ලැබීම සඳහා ජපානයේ විශේෂ තාක්ෂණික කණ්ඩායමක් කඩිනමින් මෙරටට පැමිණීමට නියමිත අතර එහිදී ඔවුන් ඉදිරි සැලසුම් සිදුවිය යුතු ආකරය පිළිබඳව උපදෙස් ලබා දීමට නියමිතයි.

මේ අතර පසුගිය 14 වන දා සිදු වූ කුණු කන්ද කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]