UPDATE : මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට

UPDATE : මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට

UPDATE : මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් ජීවිත අහිමි වූ සංඛ්‍යාව 23ක් දක්වා ඉහළට

කර්තෘ Sagarika Chathumali

16 Apr, 2017 | 10:02 am

 

මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 23ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද කෙළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ මළ සිරුරු දෙකක් සොයා ගත් බවයි.

කසල කන්ද කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදි විපතට පත් වුවන්ට අවශ්‍ය උපරිම සහන සලසන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.


මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් මිය ගිය 15 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතය.

කොළොන්නාව රජමහා විහාරයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව ඔවුන්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙනු ඇති.

මේ අතර ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මිය යාම ත් සමග කුණු කන්ද කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබු 12 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව ජාතික රෝහල් ප්‍රකාශයක් සඳහන් කළේ ය.

පසුගිය 14 වනදා සිදු වූ ඛේදවාචකයෙන් එහි නිවාස 145 ක් හානියට පත්වූ අතර පවුල් 180කට අයත් පුද්ගලයින් 625 දෙනෙක් අවතැන්ව සිටිති.

මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් අතුරුදන් වු පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.