ඔලිම්පික් ශූර බ්ලේක් පරදා හිමාෂ වසරේ සිය වේගවත් ම කාලය වාර්තා කරයි

ඔලිම්පික් ශූර බ්ලේක් පරදා හිමාෂ වසරේ සිය වේගවත් ම කාලය වාර්තා කරයි

ඔලිම්පික් ශූර බ්ලේක් පරදා හිමාෂ වසරේ සිය වේගවත් ම කාලය වාර්තා කරයි

කර්තෘ Sagarika Chathumali

16 Apr, 2017 | 11:03 am

මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන හිමාෂ ඒෂාන් මෙම වසරේ වේගවත් ම කාලය වාර්තා කිරීමට සමත්විය.

ජැමෙයිකාවේ පුහුණුවීම් කරන හිමාෂ අද පැවති යූටෙක් ක්ලැසික් ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් 6 වන ස්ථානයට පත්වූයේ තත්පර 10.29 ක කාලයක් වැය කරමිනි.

මෙම තරගයට ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් ද සහභාගී වුවත් ඔහුට හිමිවූයේ 8 වන ස්ථානයයි.

බ්‍රිතාන්‍යයේ සාර්නෙල්  හියුස් 10.08 ක කාලයකින් ජය වාර්තා කිරීමට සමත්විය.