අම්බලන්තොටදී කඩුවලින් පහර දී, වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ: තවත් 3ක් රෝහලේ

අම්බලන්තොටදී කඩුවලින් පහර දී, වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ: තවත් 3ක් රෝහලේ

අම්බලන්තොටදී කඩුවලින් පහර දී, වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ: තවත් 3ක් රෝහලේ

කර්තෘ Sagarika Chathumali

16 Apr, 2017 | 7:01 am

අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මාමඩල ප්‍රදේශයේ පිරිසකට තවත් පිරිසක් පැමිණ කඩුවලින් පහර දී වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇති බවයි.

එහිදී බරපතළ තුවාල ලැබු 26 හැවිරිදි තරුණයෙකු අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත් විය.

සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

අම්බලන්තොට පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.