ලෝකයේ තියෙන ඕනම විශාල ගුවන් යානයක් කටුනායකට ගොඩබස්වන්න පුළුවන් – අශෝක් අබේසිංහ (VIDEO)

ලෝකයේ තියෙන ඕනම විශාල ගුවන් යානයක් කටුනායකට ගොඩබස්වන්න පුළුවන් – අශෝක් අබේසිංහ (VIDEO)

කර්තෘ Sakila Udayakumara

13 Apr, 2017 | 8:00 pm

නවීකරණය කළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රමිතිය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් පථය යෝජිත සැලසුමට අනුව නවීකරණය නොවීම තුළ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සහතිකය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව නිව්ස්ෆස්ට් ඊයේ අනාවරණය කළේ ය.

අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, විශාල ප්‍රමාණයේ ගුවන් යානා ගොඩබැස්වීම සඳහා ප්‍රධාන ධාවන පථය මීටර් 75ක් පළල වීම අනිවාර්ය කරුණක් බව ය.

මේ හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රධාන ගුවන් පථයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතුවන්නේදැයි මාධ්‍යවේදීහු මෙහිදී ප්‍රශ්න කළහ.