බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට අද සහ හෙට විශේෂ වැටලීම්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට අද සහ හෙට විශේෂ වැටලීම්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට අද සහ හෙට විශේෂ වැටලීම්

කර්තෘ Sagarika Chathumali

13 Apr, 2017 | 9:01 am

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට අද සහ හෙට දීප ව්‍යාප්තව විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

රථ වාහන නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ සඳහා ප්‍රධාන මාර්ග දෙපස අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.

බීමත් බව පරික්ෂා කිරීමේ බැලූන් ලක්ෂයක් මෙහෙයුම සඳහා පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

බීමතින් රිය පදවන පුද්ගලයින් දඩ ගැසීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීමට උපදෙස් ලබා දී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

මේ අතර, තංගල්ල පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 15 ක් ඒකාබද්ධව කළ මෙහෙයුමකින් බීමත් රියැදුරන් 1394දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසී ය.

මේ අතර අලුත් අවුරුදු සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.

ලංකා ගමන ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා සඳහන් කළේ, අදත් පිටකොටුව බස් නැවතුම්පොළේ සිට ගමනාන්ත රැසක් වෙත අතිරේක බස් ගමන් වාර ක්‍රියාත්මක බවයි.

මගීන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු සඳහන් කළේ ය.

සමාන්‍ය කාල සටහන්වලට අමතරව අතිරේක බස් රථ අද දිනයේත් යෙදවීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසයි.

දුම්රිය දෙපාරතමේන්තුව පැවසුවේ මගී අවශ්‍යතාව පිරිදි අද දිනයේත් දුම්රිය ධාවනය කිරිමට සැලසුම් කර ඇති බවයි.