විදේශ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

12 Apr, 2017 | 11:12 am

විදේශ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු මාතර, ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහුට එරෙහිව මුදල් වංචා කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් නඩු කිහිපයක්ම විභාග වන බව ය.

සැකකරු සතුව තිබී පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගත් බැංකු ගිණුම් පොත් කිහිපයක්, ජංගම දුරකතන 3ක් සහ ලැප්ටොප් යන්ත්‍රයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ.

වංචා කළ මුදල් වලින් ලබා ගත් මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන මේ වන විට ක්‍රියාත්මකවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]