කෝන්ගස්දෙණියේ සිදු වූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට: දෙදෙනෙකුට තුවාල

කෝන්ගස්දෙණියේ සිදු වූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට: දෙදෙනෙකුට තුවාල

කර්තෘ Hashini De Mel

09 Apr, 2017 | 11:58 am

නිට්ටඹුව – නුවර පාරේ කෝන්ගස්දෙණියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තව ත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, අද අලුයම ලොරි රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බව ය.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් රියැදුරා සහ තව ත් කාන්තාවක් මිය ගොස් තිබේ.

තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ මහාරෝහලට සහ වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

මිය ගිය පුද්ගලයින් අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර අනතුර සිදු කළ ලොරි රථයේ රියැදුරා නිට්ටඹුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]