කලට වැසි ලැබී කෙත්වතු සරුසාරවන ලෙස ඉල්ලා සිදුකළ භාරයක් ජනපති ඔප්පු කරයි

කලට වැසි ලැබී කෙත්වතු සරුසාරවන ලෙස ඉල්ලා සිදුකළ භාරයක් ජනපති ඔප්පු කරයි

කලට වැසි ලැබී කෙත්වතු සරුසාරවන ලෙස ඉල්ලා සිදුකළ භාරයක් ජනපති ඔප්පු කරයි

කර්තෘ Chathuranga Rajapaksha

09 Apr, 2017 | 6:36 pm

කලට වැසි ලැබී කෙත්වතු සරුසාරවන ලෙස ඉල්ලා සිදුකළ භාරයක් ඔප්පු කිරීමේ විශේෂ දේව පූජාවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සහභාගි විය.

පූජාව පැවැත්වුණේ දිඹුලාගල සොරුවිල මුත්තුමාරි අම්මාන් කොවිලේදී ය.

පසුගිය දිනවල බලපෑ නියං තත්ත්වය පහව ගොස් වැසි ලබා දෙන ලෙස ප්‍රාර්ථනය කරමින් ජනාධිපතිවරයා විසින් ඉකුත් දෙසැම්බර් මාසයේ දී දිඹුලාගල සොරුවිල මුත්තුමාරිඅම්මාන් කොවිලට සිදු කරනු ලැබු භාරය ඔප්පු කිරීම අද මෙලෙස සිදුවිය.

මේ අවස්ථාවට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ඇතුළු ආගමික නායකයින් හා දේශපාලන නියෝජිතයින් ද එක්ව සිටියහ.

‍පූජාව සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහායි.

මෙහිදි හේහානිගල හා පොලිලබැද්ද ආදිවාසින් විසින් කිරි කොරහ ශාන්ති කර්මය සිදු කළ අතර පසුව අං ‍කෙළිය ශාන්තිකර්මය පැවැත්විමද විශේෂත්වයකි.

මහවැලි කලාප 10ම නියෝජනය කරමින් රැගෙන අස්වැන්නේ පළමු කොටස දෙවියන්ට පූජාකොට කිරි ඉතිරවි‍මේ මංගල්‍යද මෙහිදි සිදුවිය.

උත්සවය සංස්කෘතික අංග රැසකින් වර්ණගැන්විය.

3 4 6

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]