අම්පාරේ ආහාර විෂ වීම: අරක්කැමියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

අම්පාරේ ආහාර විෂ වීම: අරක්කැමියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

අම්පාරේ ආහාර විෂ වීම: අරක්කැමියන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

කර්තෘ Hashini De Mel

09 Apr, 2017 | 9:06 am

අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේදී ආහාර විෂ වීමෙන් 3දෙනෙකු මිය ගොස් තව ත් 800 කට අධික විශාල පිරිසක් රෝගාතුර වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් අරක්කැමියන් දෙදෙනා මැයි මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඇප මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් එළෙස රක්ෂිත බන්ධනාගාරගත කළ බව ය.

පෙරේදා දිනයේ අත්අඩංගුවට ගත් අරක්කැමියන් දෙදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ඇප මත මුදා හැරීමට නියෝග කර ඇති නමුත් ඔවුන් ඇප මුදල් ගෙවීමට අපොහොසත් වී තිබේ.