මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ හමුදා සාමාජිකයින් 6 දෙනාට ඇප

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ හමුදා සාමාජිකයින් 6 දෙනාට ඇප

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ හමුදා සාමාජිකයින් 6 දෙනාට ඇප

කර්තෘ Hashini De Mel

07 Apr, 2017 | 5:54 pm

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි යුද හමුදා මේජර්වරයා ඇතුළු හමුදා සාමාජිකයින් 6 දෙනා අද ඇප මත මුදා හැරිණි.

ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ රුවන් පතිරණ මහතා විසිනි.

එක් අයෙකුට රුපියල් 10,000ක් සහ රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැර තිබේ.

සිද්ධියට අදාළව හමුදා මේජර්වරයා හැර සෙසු හමුදා සාමාජිකයින් 5දෙනා අද හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළහ.

එහිදී උපාලි තෙන්නකෝන් මහතාට සැකකරුවන් හඳුනා ගැනීමට නොහැකිවී තිබේ.

අදාළ හමුදා සාමාජිකයින්ට ඇප නියම වූවත්, මාධ්‍යවේදී නාමල් පෙරේරා මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අලුත්කඩේ අධිකරණයේ පැවැත්වෙන නඩුවක් හේතුවෙන් ලබන 12 වන දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී 2009 වසරේ ජනවාරි 23 වන දා මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට මෙම පහරදීම සිදු කර ඇති බව වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]