ජලය කැපීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට ජල සම්පාදන ඇමති පියවර ගනී

ජලය කැපීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට ජල සම්පාදන ඇමති පියවර ගනී

ජලය කැපීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට ජල සම්පාදන ඇමති පියවර ගනී

කර්තෘ Hashini De Mel

06 Apr, 2017 | 3:54 pm

මින් ඉදිරියට පැය 6 කට වඩා කාලයක් නඩත්තු කටයුතු හේතුවෙන් ජලය කපා හැරීමට තම අනුමැතිය අනිවාර්ය කළ බව ජල සම්පාදන අමාත්‍ය, රාවුෆ් හකීම් මහතා පවසා තිබේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දිගු වේලාවක් ජලය කපා හැරීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම මෙහි අරමුණ බව ය.

පසුගිය සති කිහිපයේ නඩත්තු කටයුතු සඳහා කොළඹ ප්‍රදේශ රැසක පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිට වූ අතර මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත් ව තිබේ.

මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, උත්සව සමයේ කප්පාදුවකින් තොරව ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ය.

ඒ සඳහා අවශ්‍ය වුවහොත් ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා බව ද රාවුෆ් හකීම් අමාත්‍යවරයා පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]