එ.ජා.ප.යේ අම්බලන්ගොඩ රැස්වීමකදී පාක්ෂිකයින්ගෙන් විරෝධය (VIDEO)

එ.ජා.ප.යේ අම්බලන්ගොඩ රැස්වීමකදී පාක්ෂිකයින්ගෙන් විරෝධය (VIDEO)

කර්තෘ Sakila Udayakumara

01 Apr, 2017 | 8:44 pm

‍අම්බලන්ගොඩදී පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මැයි දින පෙළ පාලිය හා පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ සංවිධායක බෙනට් පණියන්දූව මහතාගේ කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විණි.

ඒ, පී. හැරිසන් සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී පාක්ෂිකයින්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටිය ද එය නොලැබීම ‍හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]