ඕමන්තේදී වනජීවී නිලධාරියෙකුගේ වෙඩි පහරින් ඇතින්නක් මිය යාම පිළිබඳ පරික්ෂණ වාර්තාව විෂය භාර ඇමතිට

ඕමන්තේදී වනජීවී නිලධාරියෙකුගේ වෙඩි පහරින් ඇතින්නක් මිය යාම පිළිබඳ පරික්ෂණ වාර්තාව විෂය භාර ඇමතිට

කර්තෘ Sakila Udayakumara

28 Apr, 2017 | 7:15 am

වවුනියාව, ඕමන්තේ ප්‍රදේශයේදී වනජීවී නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පසුගිය 16 වන දා ඇතින්නක් මිය යාම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් කළ විමර්ශනයේ වාර්තාව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට භාර දී තිබේ.

වගා ළිඳකට වැටී සිටි වන අලි 4 දෙනෙකු බේරා ගැනීමට යාමේදී එම අලි කුපිත වීමත් සමග වනජීවී නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ඇතින්නක් මිය ගියේ, පසුගිය 16 වන දා ය.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා වනජීවී අමාත්‍යංශ නිලධාරීන් 3 දෙනෙකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබී ය.

මේ අතර වවුනියාව නියෝජ්‍ය පොලිස්පතිවරයා සකස් කළ වාර්තාව ද අමාත්‍යවරයාට ඊයේ ‍ලබා දී තිබේ.

සිද්ධියෙන් අනතුරුව වෙඩි තැබීම කළ වනජීවී නිලධාරියා අනුරාධපුරයට මාරුකර යවා තිබේ.