Bestweb 2018
Bestweb 2018

අගමැති රනිල් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතර ද්විපාර්ශවීය සාකච්ඡා අද

අගමැති රනිල් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතර ද්විපාර්ශවීය සාකච්ඡා අද

By Hashini De Mel

26 Apr, 2017 | 7:05 am

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවී ද්විපාර්ශවීය සාකච්ඡා සිදු කිරීමට නියමිතව තිබේ.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ කොංග්‍රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය පැවසුවේය.

ඉන්දීය සංචාරය ආරම්භ කරමින් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්, තරන්ජිත් සිං ප්‍රධාන සංධාන නිලධාරී සන්ජේ වර්මා ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි.

මෙම නිල සංචාරයට ආපදා කළමනාකරණ අමාත්‍ය, අනුර ප්‍රියදර්ශන යාපා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටිනු ඇත.